ජනපතිවීමට ජනපතිගේ උදව් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රතිචාර

278


ආණ්ඩුව සමග එක්වන ලෙස ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද එසේත් නැතිනම් බේරන්න දැයි කියා තමා ආණ්ඩුවෙන් විමසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.වත්මන් ආණ්ඩුව හොරු අල්ලනු වෙනුවට හොරු ආරක්ෂා කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තමාට ජනාධිපතිවීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ උදව් අවශ්‍ය නැති බවත් කීවේය.තමා විපක්ෂ නායක ලෙස වසර 29ක් සිටීමට බලාපොරොත්තු වන්නේ නැතැයි කී ඒ මහතා කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් තමාට හෝ විපක්ෂයට මෙතෙක් කිසිදු බලපෑමක් මතුව නැතැයි ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment