පුතා පාසල් රැගෙන යද්දී අම්මා මරු දකී

248


අම්බලන්ගොඩ නගරයේ දී අද උදෑසන 7.50 ට පමණ සිදුවූ යතුරු පැදි අනතුරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවකු බරපතළ තුවාල සිදු වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඌරවත්තේ පදිංචි නම්මුණි ලකීෂා යසස්මි සිල්වා (34) නමැති කාන්තාවකි.
තම සිව් හැවිරිදි පුතා පෙර පාසලට ඇරලවීමට නතුරු පැදියෙන් එද්දී ගාලු‍ පාරේ නතර කර තිබූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යද්දී යතුරු පැදියේ හැඬලය ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
කුඩා දරුවා වීසි වී තිබෙන අතර මෙම කාන්තාව පාරේ ඇද වැටීමෙන් ලොරි රථයේ පසුපස රෝදයට යටවී එතැනම මියගොස් ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබූ දරුවා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන අතර ලොරි රථයේ රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment