පාසලට සිසුන් ගෙන ගිය ත්‍රීරෝදය පෙරළී 10දෙනෙක් රෝහලේ

142

යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ විදුහල් දෙකක පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රී රෝද රථයක් පෙරළී යෑම නිසා සිසුන් නවදෙනෙකු හා ත්‍රීරෝද රථ රියැදුරු ඊයේ (14 දා) තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

යාපනය පොලිසිය ප්‍රකාශ කළේ උදෑසන ත්‍රීරෝද රථ දෙකකින් පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබියදී එක් ත්‍රීරෝද රථයක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා එම ත්‍රීරෝද රථයේ සිටි සිසුන් ද අනෙක් ත්‍රී රෝද රථයේ නංවා ගෙන ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථය තාප්පයක ගැටී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අනතුරට පත්ව ඇත්තේ යාපනය කොලුම්පුතුරේ හින්දු විද්‍යාලයේ හා කොලුම්පුතුරෙයි තුරෙයිරාසා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් නවදෙනෙකි.

තුවාල ලැබූ දස දෙනාගේම තත්ත්වය අසාධ්‍ය නොවන බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති. සිද්ධියෙන් කෝපයට පත් දෙමව්පියන් පිරිසක් කාර්මික දෝෂයට ලක් වූ ත්‍රීරෝද රථයේ රියැදුරුට පහර දීමට උත්සහ කර ඇත්තේ ළමයින් නිසි ලෙස පාසලට රැගෙන යෑමට ඔහු අපොහොසත් වූ බව කියමිනි.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් නෑ
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment