රික්තය පුරවන්න නව ගමනක්

197

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින රික්තය පියවීමට නව ආඛ්‍යානයක් අවශ්‍ය හෙයින් දීර්ඝ කාලීන නව දේශපාලන දැක්මක ආරම්භය අද (11 දා) සිදු කරන බව ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ‘දිවයින’ ට පැවසීය.

මේ සඳහා මවුබිම ජනතා පක්ෂය නිල වශයෙන් අරඹමින් එම පක්ෂයේ මූලස්ථානය අද උදේ අරඹන බව ද ඔහු සඳහන් කළේය.

සම්ප්‍රදායික ආකල්ප හා යල්පැනපු මතවලින් බැහැරව ජනතාවට යහපත් රටක් උදාකර දීමට ව්‍යවසායක රාජ්‍ය දැක්මක් තුළින් හැකි බව ද ඔහු කියා සිටියේය.

හුදෙක් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ නොකරන බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි නව පක්ෂය ක්‍රියාකරනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ 8 උද්‍යාන මාවතේ අංක 11 දරන ස්ථානයේදී මෙම පක්ෂ මූලස්ථානය විවෘත වෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment