ඇමෙරිකානු තානාපතිනියත් ගොවි ගැටලු සොයයි

163


අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලු‍ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යකාගස්වැව ගොවීහු මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකානු තානාපතිනිය ඊයේ (24දා) එම ගම්මානයේ සංචාරයක නිරත විය.
මෙහිදී ගොවීහු තමන්ට පැන නැගී තිබෙන ගැටලු‍ සම්බන්ධයෙන් තානාපතිවරිය දැනුවත් කළ අතර, ඇමරිකානු ආධාර යටතේ ටී.එස්.පී. පොහොර ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී ගොවි ජනතාව තානාපතිනිය හට ස්තූතිය පළ කළහ.
එම කුඹුරු ඉඩම් වල නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමෙරිකානු තානාපතිනි ‘ජූලී චන්ග්‘ මහත්මිය මෙසේ පැවසුවාය .

අද මං අනුරාධපුරයට ආවේ අනුරාධපුර ගොවීන් පසු ගිය කාලේ මුහුණ දුන් ගැටලු‍ සාකච්ඡා කරන්න. මේ අවුරුද්දේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් මිලියන 46ක ආධාරයක් ලබා දී තිබෙනවා. ගොවීන් මිලියනයකට අධික ප්‍රමාණයකට මඩ පොහොර (ටී.එස්.පී.) පොහොර ලබා දී තිබෙනවා, කුඩා ප්‍රමාණය ගොවීන්ට යූරියා පොහොර ලැබිලා තියෙනවා. එමගින් විශාල සහනයක් ගොවීන්ට ලැබෙනවා. මේ ප්‍රදේශයේ බොහෝ ගොවීන් තුන්වන හතරවන පරම්පරාවේ අය.ඒ අය දුක් කම්කටොලු‍ රාශියකට මුහුණ දී තිබෙනවා.
මේ අයගේ ප්‍රධාන ගැටළුවක් තමයි වී අස්වැන්න සඳහා දරන්න වෙලා තියෙන මිල ඉහළ යාම. කාර්යක්ෂම නිෂ්පාදන කුසලතා අඩුවීම වැනි ගැටලු‍
අපිට ඕනේ ශ්‍රී ලංකාවට උදව් කරන්න.අපි විශ්වාස කරනවා ඉදිරියේදී ශ්‍රී ලංකා ලංකාව සහල් ඇතුළු ආහාර අපනයනය කරන තත්ත්වයට පැමිනෙයි කියලා. එහෙම වෙන්න නම් ගොඩක් කෘෂිකාර්මික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment