හේනේගම ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

33

සමස්ත ශූරතාවය විදුහල්පති නිරෝශන් ඕපාත හිටපු විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න, අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ඉන්දික අමරසේකර මහත්වරුන් විසින් තිස්ස නිවාස නායකයාට ලබාදුන් අයුරු.

හේනේගම මධ්‍ය විද්‍යාලයීය ජාතික පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාවය ලකුණු 383ක් ලබා ගත් තිස්ස නිවාසය විසින්ද අනුශූරතාවය ලකුණු 380 ක් ලබාගත් ගැමුණු නිවාසය විසින්ද හිමිකරගත් අතර පිළිවෙළින් පරාක්‍රම නිවාසය ලකුණු 365 ක් හා විජය නිවාසය ලකුණු 206 ක් ලබාගත්හ.

ක්‍රීඩා උළෙලේ අවසන් අවස්ථාවට නිවාස රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් විතාන, හිටපු විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න, කැලණිය කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) ඉන්දික අමරසේකර යන මහත්වරුන් ඇතුළු ගුරු භවතුන් දෙමාපියන් සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

බියගම – සුදත් පුබුදු කීර්ති දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. එම්. විතාන

advertistmentadvertistment
advertistmentadvertistment