තෙල් ආවොත් වැඩ

157

බොරතෙල් ලැබුණු විගස සපුගස්කන්ද තෙල් පිරිපහදුව සුපුරුදු පරිදි යළි ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවසීය.

බොර තෙල් නැවක් ලැබෙමින් පවතින බවත් ඉදිරි දින කීපය ඇතුළත ඒවා ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

තවත් බොරතෙල් නැව් දෙකක් ලැබීම තහවුරු කරගත් පසු සුපුරුදු පරිදි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය.

බාල බොර තෙල් ගෙන ආ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ බාල බොරතෙල් කියා දෙයක් නැති බව ය. ඒවායේ ඇත්තේ තිබෙන සංයුතියේ වෙනස්කම් පමණක් යැයි ද හෙතෙම කීවේය. රුසියාවෙන් ඉන්ධන ගන්නේ නැත්තේ ඇයි දැයි කලින් ප්‍රශ්න කළ විපක්ෂය දැන් රුසියානු ඉන්ධන බාල යැයි වැරදි මතයක් සමාජගත කරමින් සිටින්නේ යැයි ද ඩී. වී. චානක මහතා වැඩිදුරටත් පැවසීය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment