සුදර්ශි අරීනා තියටර් අනිද්දා සිට වැඩ අරඹයි

42

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනය තුළ අභිනවයෙන් ඉදිකළ ‘සුදර්ශි අරීනා තියටර්‘ අනිද්දා (07දා) සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙහි පැවැත්වෙන පළමු නාට්‍ය දර්ශනය අනිද්දා (07දා) ප.ව. 7.00ට ගිහාන් ප්‍රනාන්දුගේ නවතම නාට්‍ය නිර්මාණයක් වන ‘ලොක්කා ලෙඩවෙලා’ නාට්‍ය රඟ දැක්වේ. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කොතලාවල, අජිත් ලොකුගේ, ආලෝක සම්පත්, සමන්ත ලියනපතිරණගේ, මධුෂානි වික්‍රමසිංහ, ඉසුරු ගුණවර්ධන, කසුන් සමීර සහ රවිඳු සම්පත් ඊට රංගනයෙන් දායක වේ. රචනය ජෝජ් සැමුවෙත්ගෙනි.

සුදර්ශි අරීනා තියටර් අනිද්දා සිට වැඩ අරඹයි
advertistmentadvertistment
advertistmentadvertistment