මැයි මාසෙන් පස්සේ ‘සෙමි ලක්‍ෂරි’ අහෝසියි

160

ජාතික ගමනාගමන කොමිසම

අර්ධ සුඛෝපභෝගී බස් රථ මැයි මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අර්ධ සුඛෝපභෝගී බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි පැවසූ එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන්

මිරැන්ඩා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් මත අර්ධ සුඛෝපභෝගී සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගී සේවාවක් බවට පත් කරන්න අපි තීරණය කළා. මේ සම්බන්ධයෙන් සියලුම බස් හිමියන් දැනුවත් කළා.

මේ වන විට අර්ධ සුඛෝපභෝගී බස් 430 ක් තියෙනවා. මේ වනකොට බස් රථ 20 ක් විතර එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් කරනවා.
චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment