මහින්ද බැසිල් ගෝඨා ගෙන් සුදු කොඩි සිද්ධිය ගැන ජිනීවා ප්‍රශ්න කරයි

272

සුදුකොඩි සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාලිත කොහොන සහ හිටපු මන්ත්‍රී චන්ද්‍රසේන ගෙන් ප්‍රශ්න කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත.

කොටි හිටපු පොලිස්පති නඩේසන් සාමලේකම් ප්‍රධානි පුලිතේවන් ඇතුළු හිටපු කොටි හමුදා නායකයන් ඝාතනය වීමට අදාළ සුදුකොඩි සිද්ධිය ගැන මානව හිමිකම් බලධාරීන් ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ වසර 13 කට පසුවය.

එහෙත් මේ සිද්ධිය ගැන හෙළිකර හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රශ්න නො කෙරේ.

මෙම පිරිසගෙන් ප්‍රශ්න කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලයට නිර්දේශ කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනි සස්මින් සුකායි.

මෙම සුදුකොඩි සිද්ධිය ගැන නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් මානව හිමහිකම් කවුන්සිලයට සාක්‍ෂි දී තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment