වනීසා හෙට රට වෙනුවෙන් වාර්තාවක් ලියයි

270

පළමු වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරකවරිය ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා වනීසා ද සිල්වා මහත්මිය තෝරාගෙන තිබේ.

මේ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයක තීරකවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත් වීමට වනීසා මහත්මියට හෙට
(29 වැනිදා) දිනයේ දී හැකි වනු ඇත.

1997 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමට නායකත්වය ලබා දුන් වනීසා ශ්‍රී ලංකාවේ ප්‍රථම නායිකාව ද වේ.

එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති එකම ටෙස්ට් ක්‍රිකට් තරගය (1998 දී පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ) ක්‍රීඩා කිරීමේ විරල අවස්ථාව ද උදා කර ගත් වනීසා එම තරගයේ ඉනිම් දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment