යුපුන් මත තැබූ තවත් පැතුමක් සුන් වේ

837

ආබාධ තත්ත්වය සහ තරගාවලියට සූදානම් වීමට ඇති කාලය සැලකිල්ලට ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලට තමන් සහභාගි නොවීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ප්‍රකාශ කර ඇත.

යුපුන් මෙවර තරග වාරයේ ආරම්භක තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය යන තරගාවලි සඳහා ද සහභාගි නොවූයේය.

එහෙත් ඊයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ ආසියානු ක්‍රීඩා උළෙලට ද තමන් සහභාගී නොවන බවයි.

මෙම මාසයේ 23 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ද ඒ අනුව ඔහුට මගහැරී යනු ඇත.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන යුපුන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment