නහර ගැටගැසීම නොසලකා හැරීම අවදානම්

504

නහර ගැටගැසීමේ රෝගය වර්තමානයේ බහුලවම දකින ගැටලුවක් ලෙස දැකිය හැකිය. නමුත් බොහෝ දෙනා එය නොසලකා හරින තත්ත්වයකට පත් වී ඇත. එම නොසැලකිලිමත්භාවය නිසාම වසර ගණනාවක් විඳවන රෝගී තත්ත්වයකට මුහුණදීමට සිදුවන හේතු සාධකයක් බවට නහර ගැටගැසීම දැක්විය හැකිය.

නහර ගැටගැසීම

අපේ හෘදයෙන් පිටතට සිරුරේ අවයව කරා රුධිරය සැපයීම ධමනි (arterial) මගින් සිදුවන අතර මෙම අවයවවලින් ඉවත්වන රුධිරය නැවත හෘදය කරා ගෙන යන්නේ ශිරා (veins) රුධිරවාහිනී මගිනි. පාදවල සිට හෘදය කරා ගෙන යන රුධිරය ගුරුත්වය දෙසට විරුද්ධව ඉහළට ගමන් කරද්දී ශිරා රුධිර නාලවල පිහිටා ඇති කපාට ඉතා වැදගත් වෙනවා. විවිධ හේතූන් නිසා මෙම කපාට දුර්වලවීමක් විකෘති වීමක් ඇතිවෙන්න පුළුවන්. එමගින් හෘදය දෙසට රුධිරය ගෙන යෑම නිවැරදිව සිදුනොවී රුධිරය එකරැස් වීමක් සිදුවීම නිසා නහර ගැටගැසීම (varicose veins) ඇති වෙනවා. එය දඟර ගැසීමක්, ඉලිප්පීමක් ලෙස බාහිරින් දැක ගැනීමට පුළුවනි.

සිරුරේ නහර ගැටගැසීම දක්නට ලැබෙන ස්ථාන

  1. stider veins – මකුළුදැල් ආකාරයට නිල්/ දම්/ රතු පාට කුඩා සිහින් නහර ලෙසින් දක්නට ලැබෙනවා.

අපේ පාදවල, මුහුණේ, අත්වල Spider Veins දක්නට ලැබෙන අතර මෙමගින් රූපලාවන්‍යයට ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙන අතර විශාල වශයෙන් ඉලිප්පීමක් පෙන්වන්නේ නැහැ.

  1. Varicose Veins බාහිරව නෙරා ඉලිප්පීමක්, ගැට වශයෙන් පෙන්නුම් කෙරේ. වළලුකර, පාදවල, කලවා හා ඉකිලි ප්‍රදේශවල බහුලව නහර ගැට ගැසීම් දැකීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආසන්නයේ ද පිරිමි පුද්ගලයන්ගේ වෘෂණ කෝෂ ආශ්‍රිතව ද ඇතිවිය හැක.

නහර ගැට ගැසීම ඇතිවීමට හේතු

මවට හෝ පියාට මේ රෝගී තත්ත්වය ඇත්නම් ඔවුන්ගේ දරුවන්ට මේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය 90% පමණ වේ.

නහර ගැටගැසීම නොසලකා හැරීම අවදානම්

වැඩි වේලාවක් සිටගෙන සිටීම

වැඩි වේලාවක් ඉඳගෙන සිටීම

උසින් වැඩිවීම

තරබාරු වීම

කාන්තාවන්ගේ හෝමෝන වෙනස්කම්වලදී

ගර්භණී කාලයේදී වැනි කරුණු මෙයට හේතු විය හැකිය.

නහර ගැටගැසීම වර්ධනය වීමෙන් ඇති කරන බලපෑම

මූලිකව නිල් හෝ දම්පාට ලෙස නහර ගැටගැසී ඉලිප්පීමක් ලෙස පාදවල දක්නට ලැබෙනවා.

නහර ගැටගැසීම බලපෑමකට ලක් වූ ප්‍රදේශය වටා සම අඳුරු පැහැවීම, ඝනවීම වැනි වෙනස්කම් ඇතිවිය හැකියි.

එමෙන්ම දිගු වේලාවක් ඉඳගෙන සිටීමේ පාද වේදනාවක්, අපහසුතාවයක් ඇතිවිය හැක.

කකුල්වල වළලුකර ඉදිමීම සිදුවන අතර දුර්වල රුධිර සංසරණය නිසා මෙය සිදුවේ.

ක්‍රම ක්‍රමයෙන් මෙය දරුණු අවධියකට ගෙන යන අතර සැලකිය යුතු සමේ වෙනස්කම්වලින් සංලක්‍ෂිත වේ. මෙම වෙනස්කම් සිදුවන්නේ දිගු කාලීන ඉදිමීම් සහ දුර්වල වූ සංසරණය හේතුවෙන් රුධිර වාහිනීවලින් සමේ පටක තුළට රුධිරය කාන්දුවීමෙනි.

සමේ වඩාත් කැපී පෙනෙන වෙනස්කම්වලින් එකක් වන්නේ දුඹුරු පැහැය හෝ අව පැහැයට සමේ වර්ණය වෙනස්වීමයි. මෙහිදී සම රතුවීම, කැසීම ඇතිවිය හැකිය. මෙම වෙනස්කම් ඉරිතැලීම් හා රුධිරය වහනය වීමට හේතු විය හැක. එය ශිරා වණ :(Varicose ulcer) සෑදීමට හේතු විය හැක.

මේවා දිගු කලක් තිස්සේ ප්‍රතිකාර නොකළ වෙරිකෝස් නහර නිසා ඇතිවන විවෘත තුවාල වේ. මේවා සාමාන්‍යයෙන් වළලුකර ආසන්නයේ පිහිටා ඇත.

ගැට ගැසුණු නහර ගැන මුල් අවධියේදීම සැලකිල්ලක් නොදැක්වීම නිසා කුඩා තුවාලයකින් හට ගන්නා තුවාලය වණයක් බවට පත් වී සමේ විවෘත තුවාලයක් බවට පත්වීම ඉතාම බරපතළ තත්ත්වයකි. එම තුවාල ඉතාම වේදනාකාරී හා දුගඳ ඒවා විය හැක. එයින් පීඩාකාරී විඳවන ජීවිතයකට උරුමකම් කීමට ඔබට සිදුවීම කනගාටුවට කාරණයකි.

එපමණක් නොව ලේ කැටි හිරවීම නිසා හෘදයාබාධ ඇතිවීම වැනි අවදානම් තත්ත්ව ද ඇතිවිය හැකිය.

එමෙන්ම සෙලිවුලයිටිස් රෝගය සෑදීමට බැක්ටීරියා ආසාදනයට ද ප්‍රධාන හේතුවක් වනු ඇත.

නහර ගැටගැසීම වළක්වා ගැනීමට පිළිපැදිය යුතු කරුණු

ව්‍යායාම කිරීම

එකම ඉරියව්වේ දිගු වේලාවක් නොසිටීම (ඉරියව් වෙනස් කිරීම මාංශ පේශි ක්‍රියාකාරීත්වයට මෙන්ම රුධිර සංසරණයට ද ඉතා වැදගත් වේ.)

තන්තු බහුල ආහාර ගැනීම.

ඛනිජ හා විටමින් අන්තර්ගත පෝෂණීය ආහාර ගැනීම

හෝමියෝපති ප්‍රතිකාර

රෝගය යටපත් නොකර ස්ථිර වූ සුවයක් ලබා ගත හැකි නම් එය කොපමණ අනර්ඝද? හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය තුළ බාහිරවත්, අභ්‍යන්තරවත් ප්‍රතිකාර කරනු ලබනවා. මෙහිදී HK Homiyopathi Varicose Cure ආලේපනය බාහිරව ආලේප කිරීමට ලබාදෙන අතර එහි අන්තර්ගත හෝමියෝපති ඖෂධ (Mother Tinctures) ක්‍රියාකාරීත්වය මගින් දුර්වල වූ/ විකෘති වූ ශිරා කපාට යථා තත්ත්වයට පත් කරනු ලබනවා. රෝගියාගේ රෝගී ලක්‍ෂණවලට අනුගතව අභ්‍යන්තරව ලබාදෙන හෝමියෝපති ඖෂධ (Dilutions) මගින් ඔවුන්ගේ දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත යථා තත්ත්වයට ගොඩනැංවීම තුළින් දුර්වල වූ/ විකෘති වූ ශිරා කපාටවල ව්‍යුහාත්මක වෙනස යථා තත්ත්වයට පත් වේ. එමගින් නිසි ලෙස රුධිර සංසරණය වීම නිසා ගැට ගැසුණු නහර ලිහිල් වී ඉදිමුම නැතිව යෑම, වේදනාව නැතිව යෑම, පාද අවපැහැය නැතිවී යෑම පමණක් නොව වසර ගණනාවක් යනතුරු සුව නොවී තිබූ තුවාල පවා සුවවීමට පටන් ගන්නවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වීම නිසා රෝගියාට ස්ථිර වූ සුවයක් ලබාගත හැකි වෙනවා.

එමෙන්ම නහර ගැට ගැසීම පිළිබඳව සැලකිලිමත් වී හෝමියෝපති ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ඔබ ලබා ගන්නා සුවය නිසා අවදානම් තත්ත්වයන්වලින් මිදී නිරෝගීමත් ජීවිතයකට උරුමකම් කීමට ඔබට හැකි වනු ඇත.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0718250716 ඇමතිය හැකිය.

නහර ගැටගැසීම නොසලකා හැරීම අවදානම්

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment