පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 30,000 ක් එයි

192

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 30,000ක තොගයක් කොළඹ වරායෙන් ඊයේ (13දා)  ගොඩබා ඇත.

ලිතුවේනියාවෙන් මෙරටට ආනයනය කරන ලද මෙම පොටෑසියම් ක්ලෝරයිඞ් කාබනික පොහොර තොගය ඊයේ (13දා) රාත‍්‍රියේම බෙදාහැරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. ප‍්‍රථමයෙන් වී වගාව බහුලව කෙරෙන අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, ති‍්‍රකුණාමලය හා හම්බන්තොට දිස්ත‍්‍රික්කයන්හි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ඊයේ රාත‍්‍රියේම පිටත් කර යැවීමට කටයුතු කර තිබුණි. මෙයට සමගාමීව අනෙකුත් දිස්ත‍්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මගින් මෙම පෙහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment