චීන නැව අද නාරා සමග බටහිර මුහුදේ පර්යේෂණයක

71

ජපන් – කොරියන් නැව් දෙකකුත් ලංකාවේ

කොළඹ වරායට පැමිණි චීන ‘ෂි යැන් 6’ පර්යේෂණ යාත්‍රාව අද (30දා) නාරා ආයතනයේ නියෝජිතයන් සමග එක්ව බටහිර මුහුදේ ඒකාබද්ධ පර්යේෂණයකට සහභාගි වනු ඇත. මෙය දින දෙකක් පුරා පැවැත්වේ. මේ සඳහා විදේශ අමාත්‍යාංශය මගින් අවසරය ලබා දී තිබේ.

බටහිර මුහුදේ මැනුම් කටයුතු සිදු කිරීම සඳහා මේ පර්යේෂණය යොදා ගනු ඇත. පසුගිය 25 වැනිදා මෙරටට පැමිණි චීන යාත්‍රාව පිළිබඳව දිල්ලි ආණ්ඩුව විමසිල්ලෙන් පසුවන අතර ඉන්දීය මාධ්‍ය විසින්ද මේ ගැන පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබිණි. මීට පෙර ඇමෙරිකාව මේ චීන නැවේ ලංකා ගමන ගැන විරෝධය පළ කර තිබිණි. නමුත් ඉන්දීය විරෝධය හමුවේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුව චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබා දී තිබිණි.

ඉන්දීය සාගර ප්‍රශ්නවලදී නොබැඳි ප්‍රතිපත්තිය අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තවත් යාත්‍රා දෙකකටත් ජපාන හා දකුණු කොරියානු නැව් දෙකකටත් ලංකාවට පැමිණීමට අවසර ලබා දී තිබිණි. චීන යාත්‍රාව කොළඹ වරායේ තිබෙන විට ජපන් යාත්‍රාවක් වන අකෙබෝනෝ ත්‍රිකුණාමල වරායට පැමිණි අතර දකුණු කොරියානු නැවක් වන ක්වාන්ගගේටෝ ද මෙරටට පැමිණ තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment