තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන තොරතුරු නොදීම බරපතළ වරදක්

177

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ට හා තොරතුරු නිලධාරිට ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප

යම් පුරවැසියකු හෝ පොදු සංවිධානයක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම්කිසි තොරතුරක් ඉල්ලා සිටින විට එය ලබානොදීම ඉතා බරපතළ වරදක් වන්නේ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (21 දා) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම තොරතුරු ඉල්ලා ඇත්තේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටින වෛiවරයකු බවත්, එවැනි ඉල්ලුම්කරුවකුට එකී තොරතුරු ලබාදෙන ලෙසට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව කළ නියෝගයක් රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පැහැර හැරීම සුළුකොට තැකිය නොහැකි බවත් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම පැමිණිල්ල විභාග කිරීමකින් තොරව සමථයකට පත්කිරීමේ හැකියාවක් නොමැති බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ආනයනික කිරිපිටිවල අඩංගු සංයුතිය පිළිබඳ වූ තොරතුරු ලබානොදීමට එරෙහිව තොරතුරු

දැනගැනීමේ පනත යටතේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් ගම්ලත් හා එම අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරි වී. ටී. එස්. සිරිවර්ධන යන දෙදෙනාට එරෙහිව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.

එම පැමිණිල්ල මුල් අවස්ථාවේදී සමථ මණ්ඩලයට යොමුකර සමථ කළ හැකි බවත් එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නාය.

ඉල්ලුම්කාර වෛiවරයාට ඔහු ඉල්ලා සිටි තොරතුරු මේ වනවිට ලබාදී ඇතැයි ද රජයේ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසුවාය. සිය කොමිෂන් සභාව විසින් නඩු පැවරීමෙන් අනතුරුව සැකකරුවන් විසින් යම්කිසි තොරතුරු කිහිපයක් මුල් පැමිණිලිකරුට ලබාදී ඇති බව දැනගන්නට ලැබී ඇතත් එලෙස ලබාදී ඇත්තේ ඉල්ලා සිටි තොරතුරුම දැයි නිශ්චිතව තහවුරු කර කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙසට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාව වෙුනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා. පෙරකී සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැර පසුව ලබන මැයි 2 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment