රටේ ජනතාවගෙන් 60%ක් කනකර උකස් තියලා

74

අද මේ රටේ ජනතාව අතරින් සියයට හැටක පමණ පිරිසක් සිය කනකර රන් ආභරණ උකස්කර හෝ විකුණා ජීවත්වීමට විශාල ප්‍රයත්නයක් දරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ගම්පහ මිරිස්වත්ත බෝගමුව නිර්මල ලූර්දුමාතා දෙව්මැඳුරේ පැවති සියවස් ජයන්ති ජුබිලි මංගලයයේදී විශේෂ දේශනයක් කරමින් සඳහන් කළේය.

එදිනෙදා වියදම පියවා ගැනීමට පවා නොහැකිව ජනතාව විශාල ආර්ථික අහේනියකට පත්වී සිටින බව ද කාදිනල්තුමා පැවසීය.

ජීවත්වීමට සරිලන මාසික වැටුපක් තම රැකියාවෙන් හෝ ජීවනෝපායෙන් නොලැබෙන නිසා ඔවුන් අද මෙම තත්ත්වයට පත්වී සිටින බව ද කාදිනල්තුමා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment