21 වැනිදා විරෝධතාව

1022

රාජ්‍ය සම්පත් විකිණීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති 40කට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ලබන 21 වැනිදා කොටුව ලේක්හවුස් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර ඇත.

රාජ්‍ය බැංකු, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, මිල්කෝ ඇතුළු ආයතන පෞද්ගලිකකරණය සහ තැපැල්, දුම්රිය ඇතුළු ආයතන සතු දේපළ විකුණා දැමීමට එරෙහිව එම ක්‍රියාමාර්ග ගැනෙන අතර ඊට එම ආයතනවල සේවක සේවිකාවන් එක් වීමට නියමිතය. එසේම ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය මේ වන විට ආයතන පෞද්ගලිකකරණයට එරෙහිව දැනුවත් කිරීම්, දේශපාලන පක්ෂ නායකයන් මුණගැසීම සහ මර්දනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් බාර දීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment