දුම්රිය අනතුරු මරණ 194ක්

60

2023 වසරේ සිදුවූ දුම්රිය අනතුරු වලින් පුද්ගලයන් 194 දෙනකු මරුමුවට පත්වී ඇතැයි දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මීට අමතරව දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීමේදී ඇදවැටී පුද්ගලයන් 88 දෙනකු ද තුවාල ලබා ඇතැයි ද හෙතෙම කීය. දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී හා අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග වලින් වාහන දැමීමේදී සිදුවූ දුම්රිය අනතුරුවලින් මෙම පිරිස පසුගිය වසරේදී මරුමුවට පත්ව ඇතැයි ද හේ කියා සිටියේය. දුම්රියෙන් ඇදවැටී පුද්ගලයන් 7 දෙනකු මරුමුවට පත්ව ඇතැයි ද හේ සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment