අගමැති වියදම් කපා ගනී

208

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46කින් අඩු කිරීමට කටයුතු කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ අනුව 2022 දී සියයට 21කින් සහ 2023 ඔක්තෝබර් වන විට සියයට 46කින් එසේ වියදම් සීමා කර ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය.

2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අගමැති කාර්යාලයේ වියදම 2022 දී මිලියන 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රුපියල් මිලියන 705.7ක් දක්වා අඩු කර තිබේ.

එහිදී විශේෂත්වය වන්නේ 2021 දී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අය-වැයෙන් වෙන් කළ රුපියල් මිලියන 1661.7ම වියදම් කර තිබුණද 2022දී වෙන්කළ රුපියල් මිලියන 1432.8න් 1310.4ක් පමණක් වියදම් කිරීමත්, 2023 දී වෙන්කළ රුපියල් මිලියන 1012.0න් රුපියල් මිලියන 705.7ක් පමණක් වියදම් කිරීමත්ය.

තමන් අගමැති ධුරය භාර ගැනීමට පෙර 2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩු කර ඇති බවත් ඔහු කීය.

එහිදී වැටුප් වියදම සියයට 39කින් අඩු කර ඇති අතර, ලිපි ද්‍රව්‍ය වියදම සියයට 74කින් අඩුකර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment