නව සන්ධානය 27 දා ජාඇලින් වැඩ අරඹයි

210

නව සන්ධානය දේශපාලන පක්ෂයේ පළමු මහජන රැලිය මෙම මස 27 වැනිදා පස්වරු 3.00 ට ජාඇල නගර මධ්‍යයේ පවත්වන බව එම සන්ධානය සඳහන් කරයි.

නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු අමාත්‍යවරුන් සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, පියංකර ජයරත්න සහ නිමල් ලාන්සා යන මහත්වරු ද සහභාගි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment