රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල ආර්ථික ත්‍රස්තවාදීන් රකින ජනාධිපතිගේ සෙවණේ සුරසැප විඳිනවා

595

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හොරව්පතානේ ජනපවුරට එක්වෙමින් කියයි

යුද ජයග්‍රහණයේ නාමයෙන් මේ රටේ පාලන බලයට පැමිණි රාජපක්ෂ පවුල් පරපුර ආර්ථික ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කර රට බංකොලොත් කර රට විනාශ කර රට කාබාසිනියා කර ඉන් සෑහීමකට පත් නොවී අද ආර්ථික ත්‍රස්තවාදීන් රකින ජනාධිපතිවරයකුගේ සෙවණක් යටතේ සුරසැප විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉකුත් 22 දා හොරව්පතානේ පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි. එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

අසූචි පොහොර ගෙනවිත් ගොවිතැන විනාශ කළා. වැඩි මිලට නැනෝ පොහොර ගෙනවිත් කෘෂිකර්මය විනාශ කළා. මේ හොර කල්ලිය නීතිය හමුවට ගෙනවිත් හොරා කාපු මුදල් නැවතත් අප රටට ගෙන එනවා. ජනතාව තමන්ගේ දුක කියන්න පාරට බහින කොට අන්ත දූෂිත පොදු නීතිය උල්ලංඝනය කරන මර්දනකාරී ආඥාදායක ඒකාධිපතීත්වය රජය විසින් ක්‍රියාත්මක කරන මොහොතක මේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නා මානුෂීය මෙහෙයුම සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ක්‍රියාත්මක කරනවා.

මේ ක්‍රියාත්මක රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව තුළින් ගොවි, ධීවර, දුප්පත්, කම්කරු, මධ්‍යම පන්තිය, රාජ්‍ය සේවකයන්, වෘත්තීයවේදීන් ඇතුළු සමස්තය මුදවා ගෙන සැමට සෞභාග්‍ය උදාකරවන පොදුජන යුගය බිහි කිරීමට සූදානම්. සමහර පක්ෂවල නායකයන් පොදුජන නායකයන් නොව කයියනායකයන් වී ෆයිල් මිටි පෙන්වා හොරු අල්ලන්න බලය ඉල්ලා සිටිනවා. රටේ ප්‍රධාන විපක්ෂය හෙවත් විකල්ප ආණ්ඩුව වන සමගි ජන බලවේගය කයිය නායකයෝ කයිය ගගහ ඉන්න කොට සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ මණ්ඩපය සමඟ ශේෂ්ඨාධිකරණය හරහා රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඇතුළු පිරිස අනාවරණය කළා.

හාල් මාෆියාකාරයන්ට ජනතාව යට කරන්න නොදී කුඩා මෝල් හිමියන් දිරිගන්වමින් ශක්තිමත් කරවමින් කෘෂි නිෂ්පාදනවලට නියමිත ස්ථාවර මිලක් ලබා දීම සඳහා කැපවනවා. රටේ වගකීම බාරගන්න ඕන කියන විකල්ප කණ්ඩායම් ගොවියෝ රැකගන්නවා කිව්වට ඔවුන් කෘෂිකර්ම, වාරිමාර්ග ඇමැතිවරු ලෙස සන්ධාන ආණ්ඩුවල කටයුතු කළත් ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන් ඇමැතිකම් දැරුවා පමණක් නොව රට විනාශ කළ රාජපක්ෂවරු දිනවන්න කටයුතු කළා.

advertistmentadvertistment
advertistmentadvertistment