පෙන්ටගනයේ 20 ක් ශ්‍රී ලංකාවේ රහස් සාකච්ඡාවක

1019

ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (පෙන්ටගනයේ) ඉහළ නිලධාරීන් 20 දෙනකු සමග මෙරටට පැමිණි සහකාර රාජ්‍ය ලේකම් ජෙඩ්ඩියන් රෝයල්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. හිටපු ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන තත්ත්වයකට යොමුකිරීම සහ ගාලුමුවදොර අරගලය පසුබිමේ සිටි බවට චෝදනා එල්ල වූ ජුලි චන් සමග සහකාර රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා කර ඇත්තේ ඉන්දු ශාන්තිකර ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව බව ආරංචි මාර්ග පවසයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප්‍රධානි ක්‍රිස්ටියන් මිචල්සන් සහ ආරක්‍ෂක උපදේශකවරුන් වන ඇන්තනි නිල්සන් සහ සෙත් නිව්සන් ද එම සාකච්ඡාවට සම්බන්ධ වී ඇත.

ඇමරිකානු පෙන්ටගනයේ ඉහළම නිලධාරියකු වූ ජෙඩ්ඩියන් රෝයල් මෙරටට පැමිණි මුල්වතාව මෙයයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment