පාතාල තර්ජන නිසා සල්මාන් බියෙන්: – ආරක්‍ෂාව වැඩි කරයි

530

පාතාලයේ තර්ජන හේතුවෙන් තමා ජීවත්වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසා තිබේ.

ප්‍රකට පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නෝයිගෙන් සල්මාන්ට මරණ තර්ජන එල්ල වී තිබෙන අතර ඒනිසා ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.

ඉන්දීය රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මේ ප්‍රකට නළුවා තමාට ඇති තර්ජන මෙන්ම ඔහු ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක පියවර ගැන ද හෙළිකර ඇත. එහිදී සල්මාන් ඛාන් මෙසේ පවසා තිබිණි.

“මම හැමතැනම යන්නේ පූර්ණ ආරක්ෂාව සහිතව. මම දන්නවා මොනවා කළත් වෙන්න යන දේ වෙනවා කියලා. මම දෙවියන් විශ්වාස කරනවා. දැන් මගේ වටේ ආරක්ෂකයෝ ගොඩක් ඉන්නවා, තුවක්කු ගොඩක් මාත් එක්ක යනවා, නමුත් මේ දවස්වල මම බයයි. අනාරක්ෂිතභාවයට වඩා ආරක්ෂාව හොඳයි. ඔව්… ආරක්ෂාව තියෙනවා. දැන් පාරේ බයිසිකල් පැදගෙන තනියම කොහෙවත් යන්න බැහැ. කොහොම නමුත් මම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ”

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment