වසර 97ක් පැරණි විස්කි බෝතලයක් වාර්තාගත මුදලකට විකිණේ

410

වසර 97ක් පැරණි ස්කොච් විස්කි බෝතලයක් ඉකුත් සෙනසුරාදා (18දා) ලන්ඩනයේ සොත්බිස් වෙන්දේසි ආයතනයේ පැවති වෙන්දේසියකදී වාර්තාගත අයුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක (බි්‍රතාන්‍ය පවුම් 2.1) මුදලකට අලෙවි වී තිබේ. 1926 වසරේ නිපදවා ඇති ‘මැකලන්’ වර්ගයේ ස්කොච් විස්කි බෝතලයක් මෙසේ වාර්තගත මුදලකට අලෙවි වී තිබේ.

වෙන්දේසිකරුවන් මෙම ස්කොච් විස්කි බෝතලය අලෙවි කිරීමට අපේක්ෂා කර ඇත්තේ පවුම් මිලියන 1.2ක් දක්වා වූ මුදලකට වන අතර එයට වඩා වැඩි මිලකට එය අලෙවි වීම සම්බන්ධයෙන් වෙන්දේසිකරුවන් විමතියට පත්ව ඇති බව වාර්තා වේ. වෙන්දේසි වූ විස්කි බෝතලය ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදලකට වෙන්දේසි වූ මධ්‍යසාර බෝතලය බව වෙන්දෙසිකරුවෝ පවසති.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment