වනජීවී විදේශ පාඨමාලාව ලොක්කන්ගේ ‘ගොට්ටන්ට’ දීලා

230

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා සංවිධානය කර ඇති විදේශ පාඨමාලාවකට සහභාගිවන්නන් තෝරාගෙන ඇත්තේ අසාධාරණ හා පක්ෂග්‍රාහී පදනමකින් බවත් මෙම පාඨමාලා ව සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වන ලෙසත් අසාධාරණයට ලක්වූ බව කියන වනජීවී නිලධාරීන් පිරිසක් වනජීවී ඇමැතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා පැවැත්වෙන බවට සඳහන් කරන මෙම පාඨමාලාවට තෝරාගෙන ඇති පිරිසෙන් සියයට 95 ක් දෙනා වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු නොකරන අය වන බවත් එබැවින් අදාළ තෝරාගැනීමේ නම් ලැයිස්තුව අවලංගු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment