ශී‍්‍ර ලංකා XI – බටහිර ඉන්දීය කොදෙව් පුහුණු ටෙස්ට් තරගයේ පළමු දිනට වැස්ස හරස් වෙයි

210

කී‍්‍රඩාංගණයට ඊයේ (14 වැනිදා) ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර කි‍්‍රයාත්මක සිව්දින පුහුණු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය එකදු පන්දුවාරයක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. එ් අනුව අදාළ තරගය දෙවැනි දිනට අද (15 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබේ.

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ලබන 21 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතව තිබේ. එ් අනුව ඊට පෙර සුදානම් තරගයක් ලෙසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර සිව්දින පුහුණු තරගය ඊයේ ආරම්භ වීමට නියමිතව තිබිණි.

මෙම පුහුණු තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසංලකට හිමිව තිබේ.

කසුන් රණවීර  – කොළඹ එස්.එස්.සී.

 

advertistmentadvertistment
advertistmentadvertistment