දකුණු ආසියා මිශ්‍ර කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

108

නේපාලයේ කත්මණ්ඩු නුවර ටි්‍රපූර්ෂ්වෝර් හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේ පැවැති දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස් කාණ්ඩ ද්විත්වයේදීම මිශ්‍ර කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සමඟ සත්කාරක නේපාලය, බංග්ලාදේශය, භූතානය, පාකිස්තානය සහ මාලදිවයින තරග වැදුණු දකුණු ආසියා කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ දී තරග වැදුණි.

අවුරුදු 17න් පහළ තරග අංශයට රනිත්මා ලියනගේ, හිරුක සහන්මිත් අලුත් පටබැඳිගේ, රනුමි මානගේ සහ තිඩස වේරගොඩ තරග වැදුණු අතර, සෙනුත් සෙත්මිණ පෙරේරා, නෙත්මි අමායා රත්නායක, කෙනෙත් අරුක්ගොඩ සහ සිතුලි රණසිංහ අවුරුදු 15න් පහළ තරග අංශය නියෝජනය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment