මෝදරදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

325

මෝදර රන්දිය උයන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ රන්දිය උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment