දියණිය මවක කළ පියාට වසර 12ක සිර දඬුවමක්

415

තම දියණිය සමග ලිංගිකව හැසිරී ඇයව මවක් කළ වවුනියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පියෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් 4 දා නියම කොට තිබේ.

ඊට අමතරව දියණියට රුපියල් ලක්ෂ හයක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට ද දඩ වශයෙන් රුපියල් 30,000ක මුදලක් ගෙවන ලෙස නියම කෙරුණි.

දියණිය වෙනුවෙන් නියම කළ වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර එකහමාරකින් දීර්ඝ වන බවත් දඩය නොගෙවන්නේ නම් සිර දඬුවම මාස හයකින් දීර්ඝ කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.

මෙම පියා දැරියගේ මව විදේශ ගතව සිටිය දී දැරියට වයස අවුරුදු 14ක් වූ කාලයේ දී සිය දියණිය අඹුව වශයෙන් තබාගෙන සිට ඇත.

මුලින්ම ඇයව 2013 ජූනි මස 14 වැනිදා බලහත්කාරයෙන් දූෂණය කොට ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී අති අතර 2015 වසරේ දී ඇය පිරිමි දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව සිද්ධිය හෙළි වී පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.

පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත විත්තිකරුට එරෙහිව ඇති නඩුව වවුනියාව මහාධිකරණය වෙත මාරු කිරීමෙන් පසුව පැවැති නඩු විභාගයෙන් පසුව විත්තිකරුට එම දඬුවම නියම කරනු ලැබීය. ඇයට ලැබුණු දරුවා සම්බන්ධයෙන් සිදු කළ ඩී.එන් .ඒ ( DNA ) පරීක්ෂණයකින් හා දැරියගේ සාක්කිවලින් විත්තිකරු විසින් සිදු කරන ලද අපරාධය සැක හැර ඔප්පු වීම නිසා විත්තිකරුට මෙම දඬුවම නියම කරනු ලැබීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment