මේ වසරේ ශිෂ්‍යත්වය – සා.පෙළ උ.පෙළ ප්‍රතිඵල ඉහළයි – අධ්‍යාපන ඇමැති

39

විවිධ බාධක මැද මෙම වසරේ පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල ඉහළ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 13,880ක් ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන ඇති බව කී ඇමැතිවරයා එවැනි ප්‍රතිඵලයක් වාර්තා වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද කීය.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment