දේශීය ව්‍යාපාර සමඟ ගෝලීය කර්මාන්ත සන්නාම සම්බන්ධ කරමින් Hayleys Aventura වෙතින් සන්නාම සමුළුවක්

114

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වයද එකතු කරගනිමින් සංවිධානය කරන ලද inbkakdu සමුළුව පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar (මැලේසියාව), Suzhou Asia Fuji (චීනය), Goodpack (සිංගප්පූරුව), A & D (ජපානය), A-Safe (එක්සත් රාජධානිය) සහ මෑතකදී එක් වූ Avery Weigh-Tronix (එක්සත් රාජධානිය) ආදි ගෝලීය වශයෙන් කීර්තිමත් ප්‍රමුඛ පෙළේ සන්නාම රැසක් මේ සඳහා Hayleys Aventura සමග අත්වැල් බැඳගෙන තිබුණි.

මෙම සන්නාම සමුළුවේදි ප්‍රදර්ශනයට තබා තිබුණු නිෂ්පාදන හරහා තාක්ෂණික සැසි සහ ක්‍රියාකාරකම් සමඟ බාධාවකින් තොරව එකතු වීමට අවස්ථාව ලබා දුන් අතර එමඟින් සහභාගීවන්නන්ට එම විසඳුම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලැබිණි. Hayleys Aventura හි ගෝලීය හවුල්කාර සන්නාමවල ජ්‍යෙෂ්ඨ නායකයින්ද මේ අවස්ථාවට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙන්ම ලොව පුරා පවතින නවීන තාක්ෂණයෙන් යුතු බර මැනීමේ උපකරණ, විදුලි සෝපාන සහ ෆොක්ලිෆ්ට් ආදි ද්‍රව්‍ය හැසිරවීමේ ක්‍රමවේද, ඇසුරුම් රාක්ක පද්ධති සහ අතරමැදි තොග බහාලුම් (Intermediate Bulk Containers) ආදි ගබඩා කිරීමේ විසඳුම් සඳහා ප්‍රවේශය ලබා ගත හැකි ආකාරය ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment