අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා,සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස රාජකාරි අරඹයි

422

සම්පත් බැංකුවේ 8 වැනි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි 1 වන දින එම තනතුරෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. නව කළමනාකාර අධ්‍යක්ෂතුමියගේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 04 වන දින විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායමේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්ද පැවැත්විණ.

සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා විසින් අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කරන අයුරු සහ එම අවස්ථාවට එක්වූ සම්පත් බැංකුවේ නියෝජ්‍ය සභාපති රුෂංක සිල්වා මහතා, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය නිල වශයෙන් රාජකාරී කටයුතු භාරගත් අවස්ථාව, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය හා හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකු කාර්ය මණ්ඩලය අමතන අයුරු, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය ආගමික වතාවත්වල නියුතුවෙමින් හා ආශිර්වාද ලබා ගන්නා අයුරු ඡායාරූපවලින් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment