‘ආහාර අර්බුදයට විසඳුම’  සාමූහික පාරිසරික කෘෂිකර්මයයි

6615

ආචාර්ය එන්. එම්. පෙරේරාගේ 117 වන ජන්මදින අනුස්මරණය අදට (06) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 ආර්ථික අර්බුදයෙන් සහ කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වූ විට තවත් පහරක් වැදෙනු ඇති බවට පුරෝකථනය කෙරිණි. එනම් එය දරුණු ආහාර අර්බුදයකි.

 මේ වන විටත් ආහාර මිල ඉහළ යෑම ජනතාවට බලපා ඇති අතර එමඟින් බහුතර ජනතාව ආහාර මිලදී ගැනීම විශාල ලෙස කපා හැර තිබේ. ජනගහනයෙන් අඩක් පමණ දිනකට එක් ආහාර වේලක් කළමනාකරණය කරන අතර මන්දපෝෂණ අනුපාතය සියයට 20 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව, කුසගින්න පිළිබඳ ඇති ක්ෂණික ගැටලුවට අමතරව, අනාගත පරම්පරාවට ද මෙය දැඩි ලෙස බලපානු ඇත. රසායනික පොහොර සහ ආනයනික බීජ වර්ග මත දීර්ඝ කාලීනව යැපීම සහ නවීන උපකරණ භාවිතයත් සමඟ විදේශීය ඉන්ධන සැපයුම මත යැපීම නිසා ගොවියාට දැඩි ලෙස පහර වැදී ඇත. මේ වසරේ යල අස්වැන්න අඩකට වඩා අඩු වනු ඇතැයි අනාවැකි පළ කර ඇත. මෙම තත්ත්වය අනෙකුත් තුන්වන ලෝකයේ රටවලට ද බලපා ඇත.

 1972 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයත් සමඟ එවැනිම ආහාර අර්බුදයක් ඇති විය. උදාහරණයක් වශයෙන් අප අදට වඩා ආනයනය මත යැපෙන එකල ආහාර අර්බුදයේ විශාලත්වය නිසා පවුම් 40 ක් පමණ වූ සීනි ටොන් එකක් මිල පවුම් 600 දක්වා ඉහළ ගියේය. එවේලේ මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා අර්බුදයේ විශාලත්වය ගැන ජනතාව දැනුවත් කළ අතර අර්බුදයෙන් ගොඩ ඒමට ජනතා සහාය ඇතිව අවශ්‍ය පියවර ගන්නා බවට ජනතාවට සහතික විය. විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.3 දක්වා පහත වැටුනු අතර අපගේ ආහාර අවශ්‍යතාවලින් වැඩි ප්‍රමාණයක් පිටරටින් මිලදී ගැනීමට ඩොලර් ලබා ගැනීමට නොහැකි විය. එවකට ඔහුගේ බලකිරීම මත අත්‍යවශ්‍ය නොවන සියලුම ද්‍රව්‍ය ආනයනය තහනම් කරන ලදී. මෙමගින් ඩොලර් පිටට ගලායාම අඩු වූ අතර අවශ්‍ය ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට හැකි විය. එවකට කෘෂිකර්ම අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ අනුග්‍රහය ඇතිව විශාල ලෙස වගා කරන ආහාර ව්‍යාපාරයක් දියත් කරන ලද අතර එයට සමස්ත සමාජයේම උද්f්‍යා්ගිමත් සහයෝගීතාව හිමි විය. කර්මාන්ත අමාත්‍ය ටී. බී. සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණය සඳහා වන ප්‍රතිපාදන ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා විසින් වැඩි කරන ලදී.

 ඔහු ආර්ථික ප්‍රකෘතියේ බර ධනවතුන් මත පටවා දුප්පතුන් බේරුවේය. ඔහු මෙය කළේ බදු උපරිමය සියයට 75 දක්වා ඉහළ නංවාලීමෙනි. එසේම එහිදී වැට් බද්ද වැනි වක්‍ර බදු අය නොකිරීමෙන් දුප්පත් ජනතාව බේරා ගැනීමට ක්‍රියා කළේය. ව්‍යාපාර පිරිවැටුම් බද්ද නම් වක්‍ර බද්ද ද ඉහළ ආදායම් ලබන සමාගම් වෙත යොමු කරන ලදී. රජය නිෂ්පාදක සමුපකාර මෙන්ම පාරිභෝගික සමුපකාර යන දෙකම ප්‍රවර්ධනය කළ අතර වාමාංශික නැඹුරුවක් ඇති ජනතාව සමුපකාර ව්‍යාපාරය කාර්යක්ෂමව හා දූෂණයෙන් තොරව ක්‍රියාත්මක වන බවට වග බලා ගත්හ. අද අතරමැදියන් හා වෙළෙන්දන් ලබන අතිවිශාල ලාභය ඔවුන් දෙපාර්ශ්වය අතර වූ ඍජු සන්නිවේදනය නිසා නැති විය. ඊට අමතරව අලෙවිකරණ සහ ආහාර පාලන දෙපාර්තමේන්තු සක්‍රීය කර තිබූ අතර නිෂ්පාදකයා සහ

 පාරිභෝගිකයා සම්බන්ධ කිරීම සඳහා ජංගම සේවාවක් සැපයීමට ද ඔවුන් උපකාර විය.

 ආධාර සුළුවෙන් හෝ විදේශයන්ගෙන් ලැබුණේ නැත. 1974/75 වන විට විදේශ සංචිතය ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් 1974 දී අයවැය හිඟයකින් තොරව ආර්ථිකය ස්ථාවර විය. 1975 අයවැය දී අතිරික්තයක් ඇති විය. ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා සහ ලංකා සමසමාජ පක්ෂය කළ මෙහෙවරේ විපාකය වූයේ ආචාර්ය එන්. එම්. පෙරේරා මුදල් අමාත්‍ය ධුරයෙන් බලහත්කාරයෙන් නෙරපීම සහ සමසමාජ පක්ෂයෙන් පන්නා දැමීමයි.

 මෙහිදී ඇමෙරිකාව ප්‍රමුඛ ‘ජාත්‍යන්තර ප්‍රජාව’, බි්‍රතාන්‍යය සහ අනෙකුත් විදේශ අධිරාජ්‍යවාදී බලවතුන් කීවේ දැන් ආර්ථිකය ස්ථාවරව පවතින බැවින් දැන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් සූදානම් බවයි. කොමියුනිස්ට් පක්ෂය 1976 දී සභාගය හැර ගියේය. අධිරාජ්‍යවාදී බලවතුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කොන්දේසියක් ලෙස සමසමාජ පක්ෂය සහ ආචාර්ය එන්. එම්.පෙරේරා නෙරපා හැරීමට අවධාරණය කළේ මන්දැයි ඔබ සිතනු ඇත. එකක් නම් වතුකරය සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ ජනසතු කිරීම, එමගින් අපේ ආර්ථිකය සහ ජනතාව සෘජුවම සූරාකෑමට තිත තැබීමට ක්‍රියා කිරීමයි. අනෙක් ප්‍රධානතම හේතුව වූයේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි.

 සේනක බිබිලේ විසින් පිහිටුවන ලද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමෙන් මුළු දිවයිනටම අවශ්‍ය ඖෂධ ඖෂධ අඩු මිලට ලබා ගන්නා ලදී. විශාල තොග වශයෙන් මිලදී ගැනීම ඖෂධ මාෆියාවට (බහුජාතික සමාගම්වලට) ඔවුන්ගේ ලාභය විශාල වශයෙන් අඩු වීමට හේතු විය.

 නිදසුනක් වශයෙන් එක්තරා බෙහෙත් වර්ගයක නිෂ්පාදකයා වන ස්විට්සර්ලන්තයේ සමාගමකට එම සමාගමේ ටැබ්ලට් එකක විකුණුම් මිල ශත 92 සිට ශත 52 දක්වා පහත දැමීමට බල කෙරිණි. ඉන්දියාවේ තවත් සමාගමකට එය විකිණීමට ටෙන්ඩර් කළේ ශත 2 කට පමණි. මෙම නිෂ්පාදනයට හොඳ නිෂ්පාදන භාවිතයේ සහතිකයක් ලැබී ඇති බව අප තහවුරු කළ විට එය මෙහි පරීක්ෂා කිරීමට තීරණය කරන ලද අතර, එය ඵලදායී බව ඔප්පු වූ පරිදි, එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් තොග වශයෙන් ඇණවුම් කරන ලදී. මේ නිසා අදාළ සමාගමට ශත 90 ක් අහිමි වූ අතර එම ශත 90 අපගේ රෝගීන් සඳහා වෙනත් ඖෂධ ලබා ගැනීමට භාවිතා කළ හැකි විය.

 මේ නිසා සමසමාජ පක්ෂයට එතෙර මෙන්ම ධනපති පන්තියේ වෛරයට ලක්වීම පුදුමයක් නොවේ.

 අද ශ්‍රී ලංකාවේ ආහාර ද්‍රව්‍ය හිඟය සහ ඉහළ මිල ගණන් ඇති වී ඇත්තේ ගෝලීය නියඟයක් නිසා නොවන බැවින් තීරණ ගැනීමේදී ඇති වූ බාධාව සහ රසායනික පොහොර, වල්නාශක, පළිබෝධනාශක වැනි විදේශීය යෙදවුම් මත පදනම් වූ කෘෂිකර්මාන්තය මත යැපීම ඊට හේතුවයි.

 ඒවා මත යැපෙන ආනයනික බීජ වර්ග භාවිතය. මෙම කෘෂිකාර්මික ක්‍රමයෙන් විශාල ලාභයක් ලබන සමාගම් සහ පුද්ගලයන් බොහෝ ඇත. මෙම විදේශීය යෙදවුම් භාවිත කරන නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් නිසා සූරාකෑමට ලක්වන්නේ ගොවීන් මෙන්ම පාරිභෝගිකයන්ය. දේශීය සම්පත් යොදා ගනිමින් ඊට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් මත කාබනික

 ගොවිතැනකට යොමු විය යුතු බවට වන යෝජනාව ලාභ ලබන්නන්ගේ හාස්‍යයට ලක්ව ඇත. අවාසනාවකට මෙන් විදේශයන්හි පුහුණුව ලැබූ බොහෝ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ද මෙම අයගේ මතයට සහාය දක්වයි. ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇති ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන සහ කෘෂිකර්ම විශේෂඥයෙකු වන ආචාර්ය සී. එම් විජයරත්න මහතා දින කිහිපයකට ලංකාවට පැමිණ සිටී.

 විදේශ යෙදවුම් කෘෂිකර්මාන්තයේ මෙම යැපීම් තත්ත්වයෙන් මිදීම සඳහා ඔහුට විවිධ රටවල ඉහළ ඉල්ලුමක් පවතී. දකුණු හා නැගෙනහිර ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ තුන්වන ලෝකයේ රටවල්වල විදේශ යෙදවුම් මත යැපීමට විසඳුමක් ලෙස ඔහු මේ මොහොතේ “සාමූහික පාරිසරික කෘෂිකර්මය” යන සංකල්පය මත කෘෂිකර්මාන්තය පරිවර්තනය කරමින් සිටී. උදාහරණයක් ලෙස පකිස්තානයේ, ශ්‍රී ලංකාවට වඩා විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි සහ ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත කිහිපයක සහ වියට්නාමය සහ සුඩානය වැනි රටවල ද ඔහුගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

 ● මහාචාර්ය තිස්ස විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment