තෙළුල්ලට කරදරයක් වූ ‘එකැස්’ හොරොව්පතානට

93

තෙළුල්ල ජනපදයේ ගම්මානවලට කඩාවැදී වගාබිම්වලට හානිකළ එක ඇසක් අන්ධ අලියකු 27 වැනිදා වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබීය.

මෙම අලියාගේ දකුණු ඇස අන්ධවී ඇති අතර අලියා ගම්මානවල සැරිසරමින් වගාබිම් වලට හානිකරන බවට වැල්ලවාය වනජීවී කාර්යාලය ලද තොරතුරු මත වනජීවී නිලධාරීන් විසින් අලියා පැය හයක පමණ මෙහෙයුමකින් පසුව අල්ලාගෙන හොරොව්පතාන අලි රැඳවුම්

මධ්‍යස්ථානයට රැගෙනයන ලදී. වනජීවී සහකාර අධ්‍යක්ෂක (ඌව පළාත) ඩබ්. ඒ. ඒ. ඩී. යූ. ඉන්ද්‍රජිත් මහතාගේ මෙහෙයවීම යටතේ වනජීවී දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් වන ආනන්ද ධර්මකීර්ති (ලුණුගම්වෙහෙර), අකලංක පිනිදිය (රන්දෙණිගල) යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැල්ලවාය වනජීවී අඩවි ආරක්ෂක ඩිලන්ක පෙරේරා මහතා ඇතුළු වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු 23 දෙනෙකු අලියා අල්ලාගැනීමේ මෙහෙයුමට එක්වූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment