මෛත්‍රීගේ තීරණ ගැන අමරවීරලා සාකච්ඡා

213

ආණ්ඩුව සමග එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයදෙනා පිළිබඳව එම පක්ෂ නායකත්වය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ගතයුතු නිගමනය සම්බන්ධව තම කණ්ඩායම ඉදිරි දින කීපය ඇතුළත සාකච්ඡාවක් සිදුකරන බව මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරයා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසීය. අප හයදෙනා ආණ්ඩුවට සම්බන්ධ වූයේය. රටේ ජනතාව අද මුහුණපා තිබෙන අසීරු තත්ත්වය ගැන සලකයි. ඇමැති තනතුරු ලබාගැනීමේ දැඩි අරමුණකින් නොවේ.මෙම ඇමැති තනතුරු තුළින් ජනතාවට උපරිම සේවයක් කිරීම අපේ අදහසයි. අපට ඊට සහාය වෙන්න කියලා අප ඔවුන්ගෙන් ඉල්ලිමක් කරනවා. ඒත් අපි කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරන්නේ නැහැ. අපි පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. පක්ෂය පාවා දෙන්නේ නැහැ. අප හයදෙනා ඉදිරි දින කීපය ඇතුළත රැස්වී පක්ෂ නායකත්වය ගන්න ක්‍රියාමාර්ග ගන්න සාකච්ඡා කරන්න බලාපොරාත්තු වෙනවා.

ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමැතිවරයා මෙසේ කීවේය. ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය දීමට එක්වූ අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි දෙනෙක් සුබ පතනවා.

නෝමන් පලිහවඩන, අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment