ව්‍යවස්ථාදායක සභාවට කථානායකගෙන් ටොක්කක්

307

තීරණයන් පිළිබඳව නිශ්චිත නිගමනයකට පත්වීමට නොහැකි නම් ව්‍යවස්ථාදායක සභාවෙන් ඇති ඵලය කුමක්දැයි කියා සිතෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කියා සිටියේය. පොලිස්පතිවරයා පත්කිරීම ගැන විපක්ෂය මගින් කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ කරුණු විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.

ඒ මහතා මෙසේද පැවසීය. පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳව වගන්තියෙන් ව්‍යවස්ථාදායක සභාව කර ඇරියා. ඔය වගේ ප්‍රශ්න පැමිණියාම එම සභාව කර අරිනවා.

මම අහන්නේ ඒ වගේ වගකීමක් භාරගැනීම මගහරින ව්‍යවස්ථාදායක සභාවෙන් ඇති පලේ කුමක්ද කියලා. මෙම සභාවට තිබෙන බලතල හුඟාක් ඉහළයි. මේ සභාව වගකීම් පැහැර හරිනවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment