ස්වාභාවධර්මයාගේ අරුම පුදුම නඩු තීන්දුවක්

2662

මම ලිපිය ලියන්න ආරම්භ කළේ සූර්යග්‍රහණ අවස්ථාවේමයි…

ග්‍රහ මාරු සමඟ පූර්ණ සූර්යග්‍රහණය ඔබේ ලග්නයට, රටට කියාපානා ආකාරය අරුමයි, පුදුමයි.!

රවි මේෂ රාශි ගතව පැමිණීම 2023 අප්‍රේල් 14 වන දින සිද්ධවිය.

සුර ගුරු හෙවත් බ්‍රහස්පති මේෂ රාශි ගතව පැමිණීම, අප්‍රේල් 21-22 දිනවල සිද්ධවිය. සිකුරු බලවත්ව අප්‍රේල් 06 වන දින වෘෂභයට පැමිණෙයි. රවි මේෂ රාශියේ ගමන් කරන්නේ යුරේනස් සමගයි.

අරගලකාරී රාහු ද මේෂ රාශියේය. සටන්කාමී කුජ මැයි 10 වැනි දා තෙක් මිථුන රාශියේ ඉතාම විමසිල්ලෙන් බලාසිටී. කුඩා ළමුන්ට,

සාගරයට, ඥානයට අධිපති බුධ අප්‍රේල් 21 වැනි දින වක්‍ර වීමෙන්, දුර්වලව අසරණ වී බලා සිටී. නැප්චූන් මීන රාශියේ සීරුවෙන්…, මහා බලැති සෙනසුරු අණසක පිහිටුවා කුම්භ රාශියේ දුගී – මගී ජනතාව ඔසවා තැබීමට, බලවත් කිරීමට, සැදී පැහැදී ඉන්නවා…

මේ දැන් සූර්ය දිව්‍යරාජයා පූර්ණ ග්‍රහණයට පත්වුණු අවස්ථාවයි. අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා දැන් වෙලාව පෙ.ව. 09.48 යි.

සිද්ධ වන රාශිය මේෂ රාශියයි, උදාවන නැකත, කේතුට හිමි අස්විද නැකතේ 02 වන පාදයයි.

හිරු දෙවියෝ ග්‍රහ මඬුල්ලේ රජතුමා, බරපතල අන්දමින් පීඩාවට පත්වෙනවා.

ලෝකායන රාශිය වන මේෂ රාශියයි. – මගේ මව්බිම ගත් කල කුම්භ ලග්නයේ 03 වන රාශියේ වික්‍රමස්ථානයේ තැන්පත් රවි ග්‍රහණය වීමෙන් බලවතුන්ගේ බලය බිංදුවට බස්සන බව පෙන්වනවා. ලෝකයටත් අප, රටටත්, කටඋත්තර නැති අර්බුද රාශියක පෙර නිමිත්තක් සමඟ ස්වාභාවික විපත්, මහජන අරගල, ජලයෙන්, ගින්නෙන්, වගේම රාජ්‍ය නායකයින්ට අහිතකර බලපෑම්, විතරක් නොව අරුම පුදුම නඩු තීන්දුවකට” සූදානම් වෙන්නැ ‘යි ඉඟියක් කරනවා.

ඔන්න මැයි මාසේ 05 වැනිදා ඡායා චන්ද්‍රග්‍රහණයක්ද සිද්ධ වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රී කාලයේ තුලා රාශියේ, විසා නැකතේය. තුලාව කියන්නේ තරාදියයි, අධිකරණයේ ලාංඡනයයි. මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමු නේද?

ලෝකයේ විතරක් නෙමෙයි අපේ රටෙත් පුදුම සිද්ධීන් සිදු වේවි. මෙවැනි දුර්ලභ සූර්ග්‍රහණය තුළ වළයාකාර සූර්ය ග්‍රහණයක් ද සිදුවීම අපට, ලොවට, කියාපාන්නේ අපූරු කතාවකි.

‘හැංගිහැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ’ කියලා මසුරන් කතාවක් තියෙනවානේ. අවසන් මොහොතේ හරි ස්වාභාවධර්මයා නියම විනිශ්චය දේවි.

පෘථිවිය කම්පාවීම ජලයෙන්, ගින්නෙන්, සුළඟින්, වගේම හදිසි අනතුරු මරණ , ආන්දෝලනාත්මක සිදුවීම් මැයි මාසයේ 20 වැනි දිනට පෙර සිදුවන බවට, ග්‍රහ තාරකාවන් විසින් මෙන්ම, දෙමුහුන් සූර්යග්‍රහණය ද, සාක්ෂි දරයි.

තිලෝගුරු බුදුන් වහන්සේ වැඩිය පිංබිම ආරක්ෂා කිරීමට, සත්‍ය සෙවීමට, ඉරහඳ තාරකා වැඩ අල්ලා ඇති බව මැනවින් පැහැදිලියි. ඉලංදාරිකමට සුක්කානම කරකවන රියදුරන්ට, මග මරුවන්ට, දෙමුහුන් සූර්යග්‍රහණය, කියාපාන්නේ ඔවුන්ට ද වැඩ වරදින බවයි. පාරේ තොටේ යන මඟී ජනතාවනි, පරිස්සම ගැන හොඳටම හිතන්න වේවි…

සුර ගුරු මේෂ රාශියට පැමිණීම ලග්නවලට බලපාන අයුරු…

මේෂ

නිහතමානී බව, තැනට සුදුසු නුවණ, ඇහුම්කන්දීමේ ගුණය, ඇති අයට ජයග්‍රහණය සමඟ ආර්ථික වාසි.

වෘෂභ

ධන හානී නොවීමට නම් නිෂ්චල දේපලවලට ආයෝජනය කරන්න. විදේශ ගමන්, නව ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම්, නීති ප්‍රශ්න ඇති කරගන්න එපා.

මිථුන

ඔබේ තරාතිරම අනුව ආර්ථික වාසි, විකිණීමට, මිලදී ගැනීමට, උනන්දු වන්න. කලකට පසු පෙර පිං මතුවේවි.

කටක

නීතිමය කටයුතු, ව්‍යාපාර කටයුතු, අලුත් වෙයි. නව වැඩපිළිවෙළක් පිළිබඳ අදහසක් පහළ වෙයි.

උපදෙස් ලබාගත හැකි අයගෙන් උපදෙස් ගන්න. හදිසි ධනලාභ සහිතයි.

සිංහ

විදේශ ගමන් සාර්ථක වීම. ආර්ථික ලාභ, මංගල යෝග සහිතයි. නිහතමානී ගුණය සැනසීම උදාකර දෙනු ඇත.

කන්‍යා

රවි, රාහු, ගුරු, බුධ, අටවැන්නේ ය. සෙනසුරු අට වැන්න දකී. ඉතාමත් බුද්ධිමත් විය යුතුයි. ඉවසීම ඉතාම වැදගත් වෙනවා. ලග්නාධිපති බුධ වක්‍රවීම තීරණාත්මකයි. කුඩා ළමුන්, මුදල්, සාගරය, ක්‍රීඩා ක්ෂේත්‍රයට, අහිතකරයි. පරිස්සම, ලද දෙයින් සතුටුවීම සැනසීමට හේතුවේවි.

තුලා

ආර්ථික වාසි ලැබුණත් විදේශ ගමන්වලට බාධා. පුණ්‍ය කටයුතුවලට යොමුවන්න. සිල්වත් බව රැකගන්න. සැනසීම උදාවේවි.

වෘශ්චික

සිතට සැනසීම, ධන ලාභ, නීති ගැටලුවලින් ජය. පදිංචිය වෙනසක්, ගේ දොර අලුත්වැඩියාවක්, පවුලේ සමඟියට බාධා ඇති නොවීමට වග බලාගන්න.

ධනු

අධ්‍යාපන කටයුතුවලින් ඉහළට, විදෙස් ගමන්, වැඩකටයුතු සඵලවනු ඇත. මංගල යෝග සහිතයි. බුද්ධිමත්ව කටයුතු කර සැනසීම උදාකර ගන්න.

මකර

ගුරු, රවි, රාහු, බුධ, හතර වැන්නේය. ඉඩකඩම් පිළිබඳ ගනුදෙනුවලින් වාසි උදා කළත් හිතට කරදර මානසික පීඩා, ඇති නොවීමට වගබලාගන්න. ඉවසන්න. ලද දෙයින් සතුටු වෙන්න. වාහන ගනුදෙනුවලට ශුභයි.

කුම්භ

ඉතාම වාසනාවන්ත කාලයයි. නමුත් ගුරු තුන් වැන්නේ අසනීප කරදර සහිතයි. සෙම් අමාරු වාත අමාරු, සැලකිලිමත් වන්න. නමුත් කටයුතු සඵල කරන පෙර පින් මතු කර ඇත.

මීන

මැයි 14 න් පසු සුවිශේෂී ගුණ ලැබෙන ආර්ථික වාසි ලබන විශේෂ පිළිගැනීමක් ඇතිවන කාලසීමාවක් උදාවී ඇත. අස්ථාන චෝදනා අපහාසවලින් ආරක්ෂාවන්න.

සැ.යු.:-

ශනිගෙ ශනි අතුරුදශා, කේතු දශා, අතුරුදශා, ශනිගේ සදු අන්තර් දශා, ලබා ඇති අය බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. මාපිය උපස්ථාන, කළගුණ සැළකීම පුණ්‍ය කටයුතුවල නිරතවීම , බුදු වදනට අවනතව කටයුතු කිරීම සැනසීම උදාවීමට හේතුවනු ඇත.

අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සැමටත් රටටත් සැනසීම උදා වේවා.!!!

ජ්‍යොතීර්වේදී වාස්තු විද්‍යාවේදී
පාඨමාලා උපදේශක,
වයි.එම්.කේ. යාපා බණ්ඩාර
දුරකතන අංකය. 0777 44 86 44

advertistmentadvertistment
advertistmentadvertistment