ජූලි 1 දා සිට ලංවිමෙන් ඊ – බිලක් – මුල් අදියර දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර දී

83

මෙතෙක් කලක් භාවිත කළ මුද්‍රිත කඩදාසි බිල්පත් වෙනුවට පාරිභෝගිකයන් වෙත විද්‍යුත් බිල්පත් හඳුන්වාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව එහි අතිරේක සාමානධිකාරී හේමන්ත කේ. රණසිංහ මහතා (ආයතනික උපාය මාර්ගික) ඊයේ (27 දා) දිවයින ට පැවසීය.

ඒ අනුව ජූලි මස 01 වැනිදා සිට ඊ-බිල්පත් ක්‍රමයේ මුල් අදියර දියත් කෙරෙන බව ද නව ක්‍රමවේදය අනුව මූලිකව දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් ලැබෙනු ඇති බව ද රණසිංහ මහතා පැවසීය. නව ක්‍රමවේදය අනුව මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා දැමෙන බවත් එමගින් වාර්ෂිකව කඩදාසි කොල මිලියන 100ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් අතිරේක සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමයෙන් අත්හිටුවනු ඇති බැවින්, මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස දිවයින පුරා සිටින සියලුම ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඊ මාර්ගයෙන් ලියාපදිංචි වීමට, REG<හිස්තැනක්> පසුව ඔබේ A/C අංකය ටයිප් කර 1987 ට යොමු කරන ලෙස සහ මාර්ගගතව ලියාපදිංචි වීමට http://ebill.ceb.lk වෙත පිවිස උපදෙස් අනුගමනය කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටී.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment