බිලියන 5 ක පාසල් නිල ඇඳුම් රෙදි අරන් චීන නැවක් ලංකාවට එයි

164

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබා දීම සඳහා නිල ඇඳුම් රෙදි මිලියන 3 ක් රැගත් නෞකාව චීනයෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙරට සිසුන්ට ලබාදීම සඳහා රුපියල් බිලියන 5 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

මෙම රෙදි තොගය 2023 වසරේ අවශ්‍යතාවෙන් සියයට 70 කට ප්‍රමාණවත් වන බව චීන තානාපති කාර්යාලය පවසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment