විදුලි ගාස්තු නංවන්න අනුමැතිය

347


අද සිට සියයට 66කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී ඇත.

එම යෝජනාවට සභාපති ජනක රත්නායක මහතා විරෝධය පළ කළද සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී සේනාරත්න යන මහත්ම මහත්මීන් ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වැනිදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණි.

මහජන උපදේශන අනුව සියලු පාර්ශ්වයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142ක ආදායමක් ලැබෙන පරිදි සියයට 36ක අඩු විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම සකස් කළ අතර එය සභාපතිවරයා විසින් කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළද සෙසු සාමාජිකයින් තිදෙනා විරෝධය පළ කිරීම නිසා එය ප්‍රතික්ෂේප වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment