කෙසෙල් වගා නිරීක්‍ෂණයට ලෝක බැංකු උප සභාපතිනිය රාජාංගණයට

36

ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් රාජංගනය ව්‍යාපාරයේ ඇඹුල් කෙසෙල් වගාව මේවන විට අක්කර 400 ක පමණ වගා කර තිබෙන අතර ගොවීන් තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් කෙසෙල් වගාව සඳහා සෘජුව සම්බන්ධව සිටී. සතියකට කෙසෙල් කිලෝ 7300 ක් ඩුබායි රාජ්‍ය වෙත අපනයනය කරන අතර කෙසෙල් කිලෝ එකක් සඳහා ඇමරිකානු ඩොලර් 2.01ක් ලැබෙන අතර ගොවීන් සඳහා කෙසෙල් කිලෝ එකක් සඳහා රුපියල් 170වක මුදලක් ලැබේ. අපනයන ක්‍රියාවලියත් සමග මේවන විට දේශීය වෙළෙඳපොළේ කෙසෙල් මිල ඉහළ ගොස් ඇති බව ගොවීන් පවසයි. මෙම වගාවන් කෘෂිකර්ම අමාත්‍යංශය අධීක්ෂණයෙන් හා කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. මෙම වැඩසටහන සඳහා කෘෂිකර්ම හා වැවිලි කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් හා ගොවි මහත්ම මහත්මීහු සහභාගී වූහ.
තලාව – වසන්ත බණ්ඩාර කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment