ශූරතාව රැක ගත් පාකිස්තානය ශ්‍රී ලංකාව හා සමතැන් ගනී

332

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පාකිස්තාන “ඒ” කණ්ඩායමට හිමි විය.

ඉන්දීය “ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 128 ක ජයක් වාර්තා කරමින් පාකිස්තාන “ඒ” කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගත්තේය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 352 ක් ලබා ගත් අතර ඉන්දියාවට පන්දුවාර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 224 ක් පමණි.

පකිස්තානය මීට පෙර 2019 වසරේදී පැවැති තරඟාවලියේ ශූරතාවයද හිමි කරගත් අතර ඒ අනුව ශූරතාවය දෙවරක් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව තබා තිබූ වාර්තාවේ සමතැන් ගැනීමට පාකිස්තාන “ඒ” කණ්ඩායම සමත් වූයේය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment