තාත්තා දරුවන්ට පීනන හැටි පෙන්වමින් සිටියා, ලොකු පුතා මාව දැකලා අම්මේ කියලා කිව්වා – මව සාක්කි දෙමින් කියයි

529

* ”දැන් නෑවා ඇති නේද ගෙදර යමු” කියල අයියා ඇසූ විට ”සීයේ තව ටිකක් නාමු” කියලා පොඩි අය කිව්වා – සහෝදරයෙක් සාක්ෂි දෙමින් කියයි

* දූවෙමෝදර ගෙ`ග් ගිලී මිය ගිය දරු දෙදෙනාගේ සහ සීයාගේ ඛේදවාචකය

‘‘දැන් නෑවා ඇති නේද ගෙදර යමු’’ කියල ඉන්දික අයියා පොඩි අයගෙන් ඇසූ විට ‘‘සීයේ තව ටිකක් නාමු’’ කියල කිව්වා. පොඩි දෙන්නා පුහු ගෙඩි දෙකත් සම`ගම සුළ`ගට ගැඹුරු දියට ගසාගෙන ගියා. ඒ වෙලාවේ ඉන්දික අයියා පොඩි එක්කෙනෙක් අල්ල ගත්තා. ඊට පස්සේ අයියයි දරු දෙන්නයි මගේ ඇස් පනාපිටම නොපෙනී ගියා යැයි කොස්ගොඩ දූවෙමෝදර ගෙ`ග් ගිලී මිය ගිය කුඩා දරු දෙදෙනාගේ සහ සීයාගේ මරණ සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණය ඉදිරියේ කොස්ගොඩ දූවෙමෝදර පන්සල පාරේ අංක 79 ඞී. හි පදිංචි අගම්පොඩි සෙනරත් මැන්දිස් මහතා (අවුඃ47) සාක්ෂි දෙමින් එසේ කීය.

තාත්තා දරුවන්ට පීනන හැටි පෙන්වමින් සිටියා, ලොකු පුතා මාව දැකලා අම්මේ කියලා කිව්වා - මව සාක්කි දෙමින් කියයි

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල දඩල්ලේ පදිංචි ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සතික සත්සි`දු කන්දඋඩ (06) සහ සමිත සත්සි`දු කන්දඋඩ (06) යන නිවුන් දරුවන් දෙදෙනා සහ ඒ දරුවන්ගේ සීයා වන කොස්ගොඩ නාපේ අංක 117/1 පදිංචි අගම්පොඩි ඉන්දික රාජකුමාර මැන්දිස් (62) යන තිදෙනාය.

ඉ`දුරුව හදිසි මරණ පරීක්ෂක පරාක‍්‍රම අකුරැුටිය මහතා විසින් ඊයේ (12) වැනිදා පෙරවරුවේදී බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලද මරණ පරීක්ෂණය ඉදිරියේ තව දුරටත් සාක්ෂි දුන් සාක්කිකරු මෙසේද කීය.

මම රියැදුරෙකු වශයෙන් සේවය කරන්නේ. මිය ගොස් සිටින ඉන්දික රාජ යන අය මගේ ලොකු තාත්තගේ පුතා. ඉකුත් (10)දා දවල් දොළහට විතර ග`ග ළ`ගට එන්න පිටත් වුණා. ග`ග ළ`ගට එන විට දොළහයි පහළොවට විතර වුණා. ඉන්දික අයියා පොඩි දෙන්නට පුහු පොල් ගෙඩි දෙක දෙක එකතු කරල ගැට ගහල පීනන්න දුන්නා. මේ දෙන්නා නාන හැටි අපි දෙන්නා ගොඩට වෙලා බලා හිටියා. එතැන ඉන්දික අයියට අයිති ඔරු දෙකක් තිබුණා. එක දරුවෙක් කීවා ‘‘සීයේ ඔරුවෙ යමු’’ කියල. ඊට පස්සේ දරුවෝ දෙන්නා ගොඩට ආවා. අයියා දරුවන් දෙන්නව ඔරුවට නංවාගෙන මටත් නගින්න කිව්වම මමත් නැග්ගා.

ඉන්දික අයියා ලෑලි කෑල්ලකින් ඔරුව පදින්න ගත්තා. ඔරුවෙන් මීටර විස්සක් විතර ඉදිරියට ගිහින් ඔරුවෙන් බැහැල ලීයක් හිටවල ඔරුව ගැට ගැසුවා. එතැන පොඩි අයගෙ උර හිසට විතර වතුර තිබුණා. පොඩි අය ඔරුවෙ උඩ නැගල ග`ගට පැන පැන නෑවා. මමත් ඉන්දික අයියත් පොඩි අය සතුටු වෙන හැටි බලාගෙන හිටියා. දවල් දොළහයි තිහ විතර වෙන විට මම කිව්වා පොඩි අයට සීතලත් ඇති ගෙදර යමු කියල. ඉන්දික අයියා පොඩි අයගෙන් ඇසුවා දැන් නෑවා ඇති නේද, දැන් අම්මත් එනව ඇති. ඔයාලට අම්මා ගහයි කියලත් කිව්වා.

පොඩි අය කීවා සීයේ තව ටිකක් ඉ`දිමු කියල. විනාඩි ගානක් ඇතුළත සුළං පාරක් ඇවිල්ලා ඔරුව ලීයෙන් ගැලවිලා පාවෙන්න පටන් ගත්තා. ඉන්දික අයියත් මමත් හිටියේ ඔරුවෙමයි. ඒ වෙලාවේ පොඩි දරුවන්ගේ අම්මයි, ආච්චියි එතැනට ආවා. පොඩි දෙන්නා පුහු ගෙඩි දෙකත් සමගම ගැඹුරු දියට ගහගෙන ගියා. ඒ වෙලාවේ ඉන්දික අයියා පොඩි එක්කෙනෙක් අල්ල ගත්තා. ඊට පස්සේ අයියයි දරු දෙන්නයි නොපෙනී ගියා. පොඩි දරුවන්ගේ අම්මත් ග`ගට පැන්නා. එතැන ගැඹුරුයි. මම එයත් අරගෙන ගොඩට ආවා. මේ තුන් දෙනාම ගිලූණේ මගේ ඇස් පනාපිටමයි.

මිය ගිය දරු දෙදෙනාගේ මව වන ගාල්ල දඩල්ලේ පදිංචි අගම්පොඩි චාමලී සෙව්වන්දි මැන්දිස් මහත්මිය (33) සාක්කි දෙමින් මෙසේ කීවාය.

මම විවාහ වී අවුරුදු දොළහක් විතර වෙනවා. දිලිප් රොහාන් කන්දඋඩ මගේ පුරුෂයා. මසකට වරක් විතර ගාල්ලේ ඉදල දෙමව්පියෝ බලන්න කොස්ගොඩට එනවා. සිකුරාදා මල්ලී ගිහින් මමයි ළමයි දෙන්නයි එක්කගෙන ආවා. ඊට පසුවදා උදේ දහය වෙනතුරු දරුවන්ට පන්ති තිබුණා. එකොළහට විතර දරුවන්ට බත් කැව්වා. එකොළහයි තිහට විතර නාන්න යමු කියල දරුවන් කිව්වා. ළමයි දෙන්නත් අරගෙන තාත්තා ග`ගට නාන්න ආවා. රුව බාප්පත් ඒ වෙලාවේ තාත්තල සමග ග`ගට ආවා. තාත්තල ගිහින් විනාඩි පහළොවකට විතර පස්සේ මම අම්මත් එක්ක ගග ළගට ගියා. ගෙදර ළග ඉ`දල ගග ළගට දුර මීටර් අටසීයක් විතර තිබෙනවා.

අපි දැක්කා එතැනට යනවිට මේ කට්ටිය නාමින් ඉන්නවා. තාත්තත් වතුරේ බැහැල හිටියේ. තාත්තා පීනන හැටි දරුවන්ට පෙන්වමින් හිටියේ. ලොකු පුතා මාව දැකල අම්මේ කියල කිව්වා. අම්මත් මමත් පුටු දෙකක වාඩිවෙලා බලාගෙන හිටියා. අම්මයි මමයි ගං ඉවුරේ කතා කර කර ඉන්න විට රුව බාප්පා ලොකු අයියේ කියල කියනවා ඇසුණා. ඒ සමගම අපිත් ඒ දෙස බැලූවා. තාත්තා දරුවෝ බදාගන්නවා දැක්කා. අපි බලන විට හිටපු තැනට ටිකක් එහාට වෙන්න හිටියේ. තාත්තා එක්කෙනෙක් උඩට ගන්නවා දැක්කා. ඒ වෙලාවෙම තුන් දෙනාම වතුරෙ යටට යනව දැක්කා.

මම ඒ වෙලාවෙම ගගට බැහැල ගියා. මමත් යන විට ගිලෙන්න පටන් ගත්තා. බොහොම අමාරුවෙන් ගොඩට ආවේ. බාප්පා කිව්වා එතැනට යන්න එපා ගැඹුරුයි කියල. අනේ බාප්පේ පනින්න කියල කිවා. නමුත් ගගට පනින්නේ නැතුව ඔරුවෙ හිටියා. ටික වෙලාවකින් එයා ගගට පැනල ගොඩට ඇවිත් කවුරු හරි එක්කගෙන එන්නම් කියල ගියා. මම කෑගසා හිටියා. අම්මා පාරට ගිහින් කට්ටිය එක්කගෙන ආවා. ආපු කට්ටිය සෙව්වත් දරුවන් සොයා ගන්න බැරිවුණා. පොලිසිය දැනුවත් කරල නාවුක හමුදාවේ කට්ටිය ඇවිත් සවස හතරට විතර ගොඩට ගත්තේ.

කොස්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් නීල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ ඩබ්ලිව්.බී. කමලාවතී මහත්මියද (56) මෙහිදී සාක්ෂි දුන්නාය.

බළපිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණී එස්. ඞී. එස්. දන්ගහවත්ත මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර හෙළි වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ මරණ බවට මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.

බළපිටිය අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment