වායු දූෂණය අඩු වෙයි

180

ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ වායු දූෂණ තත්ත්වය ඊයේ (09 දා) වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව තම ආයතනයේ ස්ථාපිත කර ඇති අධි තාක්ෂණික උපකරණවලින් තහවුරු වුණ බව මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේය.

එම තත්ත්වය අඩුවීමට වර්ෂාව සහ මැන්ඩවුස් කුණාටුවේ දිසාව බෙහෙවින් බලපාන්නට ඇති බව ද ඒ මහතා විශ්වාසය පළ කළේය.

බත්තරමුල්ල, මහනුවර හා යාපනයේ ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වායු තත්ත්ව දර්ශකවල පසුගිය අඟහරුවාදා (06දා) බදාදා (07දා) සහ බ්‍රහස්පතින්දා (08දා) දින තුනේ උපරිම වායු දූෂණ තත්ත්වයක් සටහන් වූ බවත්, මේ වන විට එය සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවත් සංජය මහතා සඳහන් කළේය.

මෙම දර්ශකයට අනුව මයික්‍රෝන 2.5 ක් (PM) වන අවලම්බිත වායු අංශුන්ගේ ප්‍රමාණය 50 ක් විය නමුත් එය 100 ඉක්මවා වාර්තා වූ බවද, මයික්‍රෝන 10 ක් වන අවලම්බිත වායු අංශු ප්‍රමාණය 100 ක් විය යුතු නමුත් එම ප්‍රමාණය 200 ඉක්මවා වාර්තා වූ බව ද මධ්‍යම පරිසර අධිකාරියේ වායු තත්ත්ව කළමනාකරණ හා පසු විපරම් අංශයේ සහකාර අධ්‍යක්ෂ එල්. ඩී. ජයසූරිය මහතා කියා සිටියේය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment