බිරිඳ සමග රණ්ඩුවී පුංචි දරු පැටව් දෙදෙනා මරාදමා – සැමියාත් ගෙලවැලලාගනී

702

අනේ ! අපොයි ඇයි… මෙහෙම අපරාධයක් කළේ…
දරුවන් දෙදෙනා යතුරුපැදියක නංවාගෙන ගොස් පාළු අම්බලමකදී ඝාතනය කරලා
ගොඩිගමුවම කඳුළින් නැහැවූ ඛේදවාචකය

පොල්අඹේගොඩ ගොඩිගමුව ප්‍රදේශයේ අඹුසැමි ආරවුලක් නිසා සිය දියණිය සහ පුතා ඝාතනය කර 33 හැවිරිදි පියාද ගෙල වැලලාගෙන සිටියදී 06දා උදෑසන ගොඩිගමුවේ අම්බලමේ තිබියදී හමුවී ඇතැයි අරණායක පොලිසිය පැවසීය.

මරණයට පත්ව ඇත්තේ උස්සාපිටිය ගොඩිගමුව පදිංචි කරුණා ආරච්චිගේ සමස්ති එදිරිමාන කරුණාආරච්චි (09) හා කරුණා ආරච්චිගේ ඕෂධ දෙනුවන් (06) සහ කරුණාආරච්චිලාගේ වසන්ත කුමාර (33) යන තිදෙනා බව පොලිසිය පැවසීය.

සිය බිරිඳගේ නිවසේ සිට 05 දා රාත්‍රි හතට පමණ ගිරිඋල්ල ප්‍රදේශයට යන බව පවසා දරුවන් දෙදෙනා සමග පියා යතුරුපැදියෙන් පිටත්ව ගොස් ඇති බවට අනාවරණය වි ඇතැයිද පොලිසිය පැවසීය.

පාසල් යෑමට පැමිණි දරුවෙකු වෙල මැද්දේ තිබෙන අම්බලමේ කිසියම් පුද්ගලයකු එල්ලී සිටිනවා දැක අසල්වාසියෙකුට ඒ බව පවසා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇති බවද පැවසේ.

මියගිය තිදෙනාගේ මළ සිරුරු මේ වනවිට උස්සාපිටිය ගොඩිගමුව අම්බලමේ ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
අරණායක රෝහණ ජයරත්න, රොහාන් සී. ප්‍රේමතිලක හෙම්මාතගම

advertistmentadvertistment
advertistmentadvertistment