සුඛෝපභෝගීත්වය, රිද්මය හා මුසුවූ තාල බෙන්තොට සංචාරක නිකේතනය එළිදැක්වෙයි

59
(ඡායාරූපයේ වමේ සිට) බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස්හි සමූහ සාමාන්‍යාධිකාරි එක්සත් විජේරත්න” LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන” තාල බෙන්තොට සාමාන්‍යාධිකාරි චන්න ඒකනායක යන මහත්වරුන් තාල බෙන්තොට විවෘත කිරීමෙන් අනතුරුව ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය නිශාන් එස්. ප්‍රියන්ත

ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමින්, කලින් අවානි – බෙන්තොට ලෙස හැඳින්වුණු සංචාරක නිකේතනය, එහි නව සන්නාමය තාල බෙන්තොට නමින් සාඩම්බරයෙන් එළිදක්වනු ලැබීය.

රිද්මය, සොබාදහම සහ සුඛෝපභෝගීත්වය එකට බැඳුනු තෝතැන්නක් ලෙස අමතක නොවන අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා ආදරණීය ගමනාන්තයක් බවට පරිවර්තනය, මෙම සුවිශේෂී අවස්ථාවේ සමරනු ලැබීය. මේ උද්යෝගිමත් පරිවර්තනය, ගෝලීය මට්ටමේ සේවාවක් සහ උණුසුම් ආගන්තුක සත්කාරය සුරකින සංචාරක ක්ෂේත්‍රයේ නැවුම් නිර්මාණාත්මක සංකල්පයක් ජනිත කරයි.

බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස්හි සාඩම්බර සාමාජිකයෙකු ලෙස තාල – බෙන්තොට, එම කීර්තිමත් සත්කාරක සන්නාමය අර්ථවත් කරන විශිෂ්ටත්වය උදෙසා කැපවීම සංකේතවත් කරයි. නව සන්නාමකරණය අමතක නොවන මතකයන් රඳවන, රිද්මයේ සහ සුඛෝපභෝගීත්වයේ සුසංයෝගයක් නිර්මාණය කරන නිකේතනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි. විශේෂිතවූ සංචාරක නිකේතන සඳහා කීර්තිමත් බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස් සිය අසමසම ආගන්තුක සත්කාරය සහ සුවපහසුව තාල හිදී ලබාදෙයි.

තාල – බෙන්තොට, ජෙෆ්රි බාවාගේ සදාතනික ගෘහ නිර්මාණ ශිල්පයේ අභාෂයෙන්, රිද්මය නම්වූ විශ්වීය සංකල්පය ජිවමානවීම මූර්තිමත් කරයි. දේශීය බස් වහරින් “රිද්මය” යන අරුත් ඇති සංචාරක නිකේතනයේ නව නාමය තාල, සොබාදහම මිනිසත්බව හා සංයෝජනය කිරීමේ සුවිශේෂී දැක්ම නිරූපනය කරයි. සොබාදහම සහ මිනිසා අතර අන්තර් සම්බන්ධතාව ගෙත්තමක් ලෙසින් නිකේතනය පුරා විදහා දැක්වෙන අතර, වෙහෙසට පත් සංචාරකයන්ට සැනසුම් සුවය සහ ආශ්වාදය ලබාදෙන කෙම්බිමක් නිර්මාණය කරයි. බෙන්තොට දර්ශනීය වෙරළ පාරේ පිහිටා ඇති තාල – බෙන්තොට නිකේතනය සංචාරකයන් අතර ජනප්‍රිය තේරීමක් බවට පත්කල එහි සියළුම විශේෂාංගයන් තවදුරටත් රඳවාගෙන සිටී. හුරුපුරුදු වැලිතලාව, පිළිගැනීමේ සිනහාරැලි මෙන්ම, සුවිශේෂී සේවාව නොවෙනස්ව පවත්වා ගනිමින් සංචාරකයන්ට තම නිවසේ සිටින අන්දමේ අත්දැකීමක් සහතික කරයි.

මෙම අවස්ථාව ඇමතූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා සිය අදහස් පළකරමින් මෙසේ පැවසීය. “මෙම පරිවර්තනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය යළි නිර්වචනය කිරීම සඳහා අමුත්තන්ගේ අත්දැකීම් අඛණ්ඩව ඉහළ නැංවීමට අපගේ කැපවීම පිළිබිඹු කරයි. තාල – බෙන්තොට සොබාදහම සහ රිද්මය එකට මුසුකිරීමේ අපේ දැක්ම සංක්‍ෂිප්ත කර දක්වයි. මෙය හුදෙක් නිකේතනයේ නම වෙනස් කිරීමක් පමණක් නොවේ. එය අපගේ අමුත්තන්ට සුවිශේෂී සහ තෘප්තිමත් අත්දැකීම් සමුදායක් ලබාදෙන අප ගමන්මගේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. සංචාරක ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් වන බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස් රැකවරණය යටතේ වඩාත් පුළුල් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ, තාල – බෙන්තොට ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම අපගේ අරමුණයි.”

advertistmentadvertistment
advertistmentadvertistment