මූල්‍ය සේවා ආශ්‍රිත වංචා සහ සංවිධානාත්මක කූටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරේ

29

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සිලයේ මඟපෙන්වීම අනුව LankaPay – ශ්‍රී ලංකා ජාතික ගෙවීම් ජාලය, ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT), FinCSIRT සහ සමස්ත මූල්‍ය අංශය සමඟ එක්ව මූල්‍ය වංචා සහ සංවිධානාත්මක කුටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

පසුගිය වසර කිහිපය තුළ ඩිජිටල් ගනුදෙනුවල වර්ධනයත් සමග මෙකී වංචාවල ප්‍රමාණය මෙන්ම සංකීර්ණ බවද අවදානම්සහගත ලෙස වැඩි වී ඇති බව නිරීක්ෂණය වේ. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ දියත් කරන ලද මෙම වැඩසටහන මඟින්, මෙරට කාලීන අවශ්‍යතාවයක්ව පැවති, මුල්‍ය සේවා ආශ්‍රිත වංචා සහ සංවිධානාත්මක කූටෝපක්‍රම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.

ඉහත වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා, LankaPay සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා මහතා, LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා, SL CERT සභාපති රොහාන් මුත්තයියා මහතා, ජාතික ගෙවීම් කවුන්සිලයේ ගෙවීම් ආශ්‍රිත වංචනික ක්‍රියා පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා වූ ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති නුවන් වික්‍රමනායක යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment