ඔස්ටේ්‍රලියාවේ විශාලම බෞද්ධ විහාරය ගිනිගෙන වැනසෙයි

1531

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පිහිටි විශාල බෞද්ධ විහාරයක් ගිනිගෙන විනාශ වී තිබේ.

මෙය චීන මහායාන බෞද්ධ විහාරයකි. මෙම විහාරයට යම් අයකු හෝ කණ්ඩායමක් විසින් ගිනි තැබුවාදැයි සැකයක් ද මතුවී තිබේ.

මෙම විහාරයේ දායකයන්ගේ මියගිය ඥාතීන්ට අයත් අළු බදුන් දහසක් පමණ මෙහි තැන්පත් කර තිබූ අතර ඒවා ද විනාශ වී යෑම එම පිරිසගේ බලවත් සංවේගයට හේතුවක් වී ඇත.

වයිට් මූන් බෞද්ධ විහාරය ලෙසින් හැඳින්වූ මෙම විහාරයේ ඉකුත් ඉරිදා (5 දා) රාත්‍රියේ ගින්න හටගෙන ඇති අතර ජීවිත හානි හෝ තුවාලවීම් වාර්තා වී නැත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment