ඩොලර් බිලියන 5.16 ක විදේශ විනිමයක්

3056


සංචාරක කර්මාන්තය හා විදෙස්ගත ශ්‍රමිකයන් හරහා, 2023 වසරේ ගත වූ මාස 08 ක කාලය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,167.2 ක් හෙවත් ඩොලර් බිලියන 5.16 ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
එහිදී 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ සමස්ත සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 1,304.5 ක් ලෙසින් වාර්තාවේ. මෙම වකවානුව තුළ දී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,862.7 ක් වේ.
මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවට අනුව පසුගිය 2023 අගෝස්තු මාසයේ සංචරක ඉපැයීම් ඩොලර් මිලියන 210.5 කි. අගෝස්තු මාසයේ ලද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 499.2 කි.

advertistmentadvertistment
advertistmentadvertistment